ෂර්ලොක් හෝම්ස් ( Sherlock holms ) යනු

 ෂර්ලොක් හෝම්ස් ( Sherlock holms ) යනු එඩිම්බරෝ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලත් වෛද්‍යවරයෙක් සහ ලේඛකයකු වන සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද ප්‍රබන්ධ චරිතයකි.ඔහු සිය තීක්ෂණ තාර්කික හැකියාව,ඕනෑම ආකාරයකට වෙස්වළාගැනීමට ඇති හැකියාව සහ ඔහු සතු වෝහාරික විද්‍යා දැනුම භාවිතයෙන් දුෂ්කර ගැටළු විසඳීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන , ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වන " උපදේශක රහස් පරීක්ෂකයෙකි.


1887 ප්‍රකාශනයක මුල්වරට දකින්නට ලැබුණු හෝම්ස්,ඉන්පසු නවකතා හතරක් සහ කෙටිකතා 56 තුළ දිගහැරෙයි.මුල්ම නවකතාව ලෝහිත වර්ණයෙන් අධ්‍යනයක්,බීටන්ගේ නත්තල් වාර්ෂිකය නම් සඟරාවේ 1887 කලාපයේත් දෙවැන්න වූ සිව්දෙනාගේ සලකුණ , ලිපින්කොට්ගේ මාසික සඟරාව නම් සඟරාවේ 1890 දීත් ප්‍රකාශයට පත් විය.1891 දී "බොහීමියාවේ අර්බුදය" න් ආරම්භ කළ " ස්ට්‍රෑන්ඩ් "සඟරාවේ පළවූ ප්‍රථම කෙටිකතා මාලාව සමඟ මෙම චරිතයට ඇති ජනප්‍රියත්වය විශාල ලෙස වර්ධනය විය.එතැන් පටන් 1927 දක්වා කාලය තුළ එයට බැඳුණු තවත් කෙටිකතා මාලවක් සහ නවකතා දෙකක් ද පළ විය.1880 සිට 1914 දක්වා කාලය පුරා මෙම  කතා මාලාව දිවෙයි.

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form