ලොව ප්‍රථම ගුවන් මංකොල්ලකරු ශ්‍රී ලාංකිකයෙක්😲😲


 ලොව ප්‍රථම ගුවන් මංකොල්ලකරු ශ්‍රී ලාංකිකයෙක්😲😲


ඔයාල මේ ගැන දැනගෙන හිටියද????

 

✈හම්බන්තොට, තිස්සමහාරමයෙහි කරාතොට ග්‍රාමයේ උපත ලැබූ  සේපාල ඒකනායක උපත ලැබූවේ 1949 ජූනි මස 03 වෙනිදාය. ඔහු ප්‍රකට වූයේ ගුවන් යානා මංකොල්ලයක් සිදු කල ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා ලෙසය..


✈හම්බන්තොට යෝධකණ්ඩිය ග්‍රාමීය පාසලෙන් ඉගෙනුම ලැබූ සේපාල ඒකනායක 1972 බටහිර ජර්මනියට ගොස් ඇත.පසුව එහිදී ඇති කරගත් සම්භන්දයක් මත ඉතාලි කාන්තාවක් වන ඇනා අල්ඩ්‍රෝවැන්ඩි(Anna Aldrovandi) සමග 1977 දී විවාහ වූ මොහු 1980 ඉතාලියේ මොදේනා හී වාසයට පැමිනෙන්නේ ඔවුන්ගේ පුතනුවනුත් සමගය. ඔහු නමින් ෆ්‍රී ඒකනායකය.(Free Ekanayake).


✈පුතුගේ උපතින් පසු වීසා කල් ඉකුත් වූ සේපාලට නැවතත් වීසා ලබා දීමට එරට පාලනාධිකාරිය කටයුතු නොකරන ලදී.ඔවුන්  සේපාලට යෝජනා කර තිබෙන්නේ ඔහුට නැවතත් ශ්‍රී ලංකාවට ගොස් කොලබ තානාපති කාර්‍යාලය හරහා යලි වීසා ඉල්ලීමක් කරන ලෙසටය..


✈පසුව අවුරුදු 6ක් වීසා බලාපොරොත්තුවෙන් සිටි සේපාල අවසානයේ ඔහුගේ ප්‍රයත්නය ඉශ්ට කර ගැනීමට ඉතාලියට අයත් “අලිතාලියා” ගුවන් සේවයේ බෝයින් 747 ගුවන් යානාවක් පැහැරගැනීමට කටයුතු කරන ලදී..


✈1982 ජූනි මස 30 වැනි දින ඉතාලිය බලා ගමන් කරමින් තිබූ එම යානයට නව දිල්ලි ගුවන් තොටුපලෙන් ගොඩවන ඔහු හා ඔහුගේ මිතුරෙකු ජපානයේ ටෝකියෝ හුවමාරුවට ගමන් කරමින් තිබියදී  මෙම පැහැරගැනීම සිදුකරන ලදී..


✈ගුවන් යානය අඩි 35000 උසකට පැමිණි පසු සේපාල විසින් ගුවන් නියමුවන් දෙදෙනාට ලිපියක් ලබා දෙන ලදී.ඔහු එයින් පවසා තිබුනේ ඔහුගේ බිරිද සහ දරුවා බැංකොක් Don Muang ගුවන් තොටුපොලේදී  ඔහුට ලබා දෙන ලෙසත් ඊට අමතරව ඇමරිකානු ඩොලර් 3000,000 මුදලක් ඔහුට ලබා දෙන ලෙසත්ය..


✈ඔහු ගුවන් නියමුවන්ට පැවසුවේ ගුවන් යානය Don Muang International Airport ගුවන් තොටුපලෙහි ගොඩබස්වන ලෙසය.සියලු දෙනා බියගන්වමින් යානය තුල බෝම්බයක් ඇති බවත් ඔහු ඉල්ලා සිටින දේ ලබා නොදුන්නහොත් යානය පුපුරවා හරින බවටත් ඔහු පවසන ලදී..


✈අවසානයේ ඉතාලි රජය මැදිහත් වීමේන් මොහුට දරුවා සහ බිරිද එහිදි ලබා ගන්නට හැකි විය.සේපාල විසින් ප්‍රාණ ඇපයේ සිටි මගී සියලු දෙනා පැය 30 මෙහෙයුමකින් පසු මුදා ගැනීමට ආරක්ශක අංශ සමත් විය.


✈එවකට බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති මානෙල් අබේසේකර මහත්මිය මොහු ආරක්ෂිතව ලංකාවට යවන බව පැවසූවත් අවසානයේ ඔහු ඉතාලි ආරක්ෂක අංශ වෙත යොමු කරවන ලදී.පසුව ශ්‍රී ලංකාවෙන් කල ඉල්ලීමකට අනුව ඔහු දිවයින වෙත ගෙන ආ අතර වැලිකඩ බන්ධනාගාරය වෙත යවනු ලැබීය..


✈පසුව ඔහුගේ දරුවා සහ බිරිද නැවත ඉතාලියට යවන ලදී.නඩු පැවරීමේදී මොහුට විරුද්ධව නඩු ගොනු කිරීමට ලංකා රජය අපොහොසත් වූයේ මීට පෙර එවන් පැහැරගැනීමක් ලොව සිදුවී නොතිබූ බැවිනි..


✈1987 ඉංග්‍රීසි භාෂා ගුරුවරියක සමග (යසන්ගනී මදුපාලි ) නැවත විවාහ වෙන මොහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකු ලෙස නැවත වරක් සමාජ ගත වෙයි.(සැලී සහ විරාම ).ඔහු දැනට නුවර එලිය ප්‍රදේශයේ ව්‍යාපර කටයුතුවල නියැලෙමින් සිටින අතර ඔහු බත්තරමුල්ල ප්‍රදේශයේ ස්ථීර පදිංචිය දරයි.

උපුටා ගැනීමකි

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form