මිලියනයක් මැරූ හිට්ලර්ගේ "අවුෂ්විට්ස්" වදකාගාරය

 මිලියනයක් මැරූ හිට්ලර්ගේ "අවුෂ්විට්ස්" වදකාගාරය ☠️☢️


දෙවන ලෝක යුධ සමයේ , ජර්මනියේ නාසි ආඥාදායක ඇඩොල්ප් හිට්ලර්, යුදෙව්වන් ඇතුලු, නාසි විරුද්ධවාදීන් ඝාතනය කිරීමට, නාසි පාලනය යටතේ තිබූ ප්‍රදේශයන්වල , වදකාගාර විශාල ප්‍රමාණයක් පවත්වාගෙන ගියා. ඉන් වැඩිම යුදෙව්වන් පිරිසක් සමූලඝාතනය කළ වදකාගාර සංකීර්ණයක් ලෙස "අවුෂ්විට්ස් රැඳවුම් කඳවුර" හඳුන්වනවා.


අවුෂ්විට්ස් කඳවුර පවත්වාගෙන ගියේ, පෝලන්තයේ oswicim ගම්මානයේ. මේ භූමියේ කඳවුරු 35 කට අධික සංඛ්‍යාවක් පිහිටවා තිබුණා. 1940 මැයි මාසයේ සිට මේ කඳවුරට යුරෝපයේ නොයෙකුත් ප්‍රදේශ වල සිට සිරකරුවන් රැගෙන ආවා. ඉන් වැඩි පිරිසක් යුදෙව්වන්. මෙලෙස පැමිනි බොහෝ දෙනෙක් ගැස් කුටිවල සිර කර මරා දැමුවා.


අවුෂ්විට්ස් කඳවුරට රැගෙන එන සිරකරුවන්, ගෑස් කුටිවලට රැගෙන ගොස් තිබෙන්නේ, උනුවතුර නෑමට හැකි බව පවසමින්. එසේ, සිරකරුවන් කුටියට ගිය පසු, දොරවල් අගුලු දමා, වහලයේ ඇති කවුලු වලින්, Zyclone B නම් විශ වායුව කුටිය තුළට දමනවා.


මීට අමතරව අවුෂ්විට්ස් කඳවුරට රැගෙන එන සිරකරුවන් යොදා ගෙන අමානුෂික පර්යේෂණ රැසක් සිදු කර තිබෙනවා.


✔️️අවුෂ්විට්ස් 2 වෙනි කඳවුර (Birkenau කඳවුර)〰️✔️


1941 අවසාන භාගය වන විට, අවුෂ්විට්ස් කඳවුර සිරකරුවන්ගෙන් පිරී යනවා. ඒ නිසා අවුෂ්විට්ස් 2 නමින්, තවත් කඳවුරක් පිහිටවනවා. මේ දෙවන කඳවුර ,පළමු කඳවුරට 3km දුරින් පිහිටා තිබුනා. 

මේ කඳවුරටද යුරෝපයේ නොයෙකුත් ප්‍රදේශ වලින් සිරකරුවන් රැගෙන ආවා. ඊට දුම්රිය මාර්ගයක් ඉදිකර තිබුණා. ඒ අතරින්ද වැඩි දෙනෙක් යුදෙව්වන්.(ඉතිරි අය රුසියානු යුධ සිරකරුවන්)


ගෑස් කුටිවල දමා වැඩිම පිරිසක් සමූලඝාතනය කරේ මේ දෙවන කඳවුරේදී.

................................

✔️අවුෂ්විට්ස් 3 වෙනි කඳවුර (Buna කඳවුර)✔️


පළමු කඳවුරට 7km පමණ දුරින් පිහිටා තිබූ, Buna නම් උප කඳවුර, 1943  දී, අවුෂ්විට්ස් 3 බවට පත් වෙනවා. මේ කඳවුරේ නාසින්ට අයත් රබර කර්මාන්තශාලාවක් පිහිටවා තිබුණා. මෙහි 10000 කට අධික සිරකරුවන් සේවය කරා..


🔼🔼හිට්ලර්ගේ පරාජය සහ අවුෂ්විට්ස් කඳවුරු නිදහස් කර ගැනීම🔼🔼


1940 සිට 1945 වනතුරු, යුරෝපයේ විවිධ ප්‍රදේශ වලින්, යුදෙව්වන් ඇතුලු මිලියන 1.3 ක පිරුසක්, අවුෂ්විට්ස් කඳවුරු සංකීර්ණය වෙත රැගෙන ආවා. ඉන් මිලියන 1.1 පමණ සාහසික ලෙස ඝාතනය කරා. කඳවුරෙන් පැන ගොස් දිවි ගලවා ගත් සංඛ්‍යාව 140 ක් පමණ වෙනවා.


1945 ජනවාරි 27 වෙනිදා, සෝවියට් රතු හමුදාව විසින් මේ කඳවුරු තුනම,  නිදහස් කර ගන්නවා. ප්‍රධාන කඳවුරු තුන නිදහස් කර ගන්නා අවස්ථාව වන විට එහි සිරකරුවන් 7000 ක් පමණ සිට තිබෙනවා. අවට තිබූ උප කඳවුරු වල සිටි සිරකරුවන් සංඛ්‍යාව 500 කට ආසන්න වෙනවා.


අවුෂ්විට්ස් කඳවුරු සංකීර්ණයේ තිබී සොයා ගත් කාන්තා ඇඳුම් ප්‍රමාණය ලක්ෂ 8 ආසන්න වෙනවා. පිරිමි ඇඳුම් ලක්ෂ 4 හමුවී තිබෙනවා. ඒ වගේම සපත්තු කුට්ටම් 44000 ක් හා කෙස් ටොන් 7 සොයාගෙන තිබෙනවා.

1 Comments

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form